ඔන්න එහෙනම් අපි දැන් ඉන්නෙ මේ Tutorial වල වැදගත්ම කොටසක. ඒ ඇයි කියල පැහැදිලි කරනවා නම්, අපි දැන් තමා හරි විදිහට Coin එකක් මිළදී ගන්න යන්නෙ. ඔයාල තාමත් Binance එකේ හරි විදිහට Register වෙලා නැත්නම් මුලින්ම මෙතනින් ගිහින් Register වෙලා USDT මිලදී ගන්නා ආකාරය බලල එන්න. හරි මෙතනදිත් මම ඔයාලට මේක Smart Phone එකකින් වගේම Computer එකෙන් කරන විදිහ පැහැදිලිව කියල දෙනවා. මේ ලිපියේ පහල Screenshots වල පළමු කොටසේ පෙන්වන්නේ Binance App එකේ වන අතර දෙවන කොටසේ පෙන්වන්නේ Binance Web Site එකට අදාල Screenshot එක වේ. මේ විදිහට පෙන්වන්නේ නැත්නම් App එකේ පහල Navigation Menu එකේ Home දුන් විට මේ විදිහට පෙන්වනවා. Binance Website එකේ මේ විදිහට පෙන්වන්නෙ නැත්නම් වම් පැත්තෙ උඩ Binance Logo එක Click කරීමෙන් මේ විදිහට Binance Website එකේ මුල් පිටුවට එන්න ඔබට පුලුවන්. ගොඩක් වෙලාවට App එකේ සහ Website එකේ Home Page එකේ Cryptocurrency වෙළදපලේ විවිධ තොරතුරු, වෙළද දැන්වීම් වගේ දේ අඩංගු කර තිබෙනවා. මෙම ලිපිය ආවසානයේ මෙම දක්වා ඇති තොරතුරු නිවැරදිව තේරුම් ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඔබ Investor කෙනෙක...
Comments
Post a Comment